විදුහල්පතිවරයාගේ වගකීම්

Home   විදුහල්පතිවරයාගේ වගකීම්
  • ඇදුම රෝගයෙන් පෙලෙන නමුත් ඒ බව හදුනා නොගත් ළමුන් හඳුනාගැනීමට කටයුතු කිරීම.
  • ඇදුම ඇති ළමුන්ගේ දෙමව්පියන් හා භාරකරුවන්ට එම ළමුන්ගේ විස්තර හා ප්‍රතිකාර ගැන පාසලට දැන්වීමට උනන්දු කරවීම.
  • ඇදුමෙන් පෙලෙන ළමුන්ගේ වර්තමාන ඇදුම තත්වය, ප්‍රතිකාර ක්‍රම, ඖෂධ හා ඉන්හේලර වර්ග පිලිබදව මෙන්ම ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුලත් සටහන් පවත්වා ගැනීම.
  • ඇදුම ඇති ළමුන් හා ගැවසෙන, ඔවුන්ව රැක බලා ගන්නා ගුරුවරුන් හා කාර්ය මණ්ඩලය, ඇදුම පිලිබදව මනා දැනුමක් හා ඇදුම පාලනයට හා ප්‍රතිකාර කිරීමට හොද කුසලතාවයකින් යුතු අය වන බවට වග බලා ගැනීම.
  • හදිසි අවස්ථාවන් වලදී ඇදුමට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් පාසල තුල පවත්වාගෙන යාම.
  • ඇදුමට ගොදුරු වී ඇති සියලුම ළමුන් ලග ඔවුන්ගේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති “ඇදුම ක්‍රියාකාරී සටහන” තිබෙන බවට තහවුරු කර ගැනීම.
  • ඇදුම රෝගය වැඩි කර සාධක තුරන් කිරීමට හෝ අවම කිරීමට ගත හැකි සියලුම උපක්‍රම ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ උත්සහය ගැනීම.
  • ඇදුම පිලිබද දැනුම හා අවබෝධය, අධ්‍යාපන වැඩසටහන් හා ක්‍රියාකාරකම් මගින් පාසල් ළමුන් හට ලබා දීම.
  • ඇදුම දරුවන් බලාගන්නා වූ දෙමව්පියන්, භාරකරුවන්, ක්‍රීඩා පුහුණු කරුවන්, වෛද්‍යවරුන් හා පාසලේ වෛද්‍ය ඒකකය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම.

di77ex4i9